කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම තාරපුරම් හි පිහිටි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව මන්නාරම ආරක්ෂක අංශ සදහන් කර සිටිනවා.

මන්නාරම ආරක්ෂක අංශ පැවසූවේ අමාත්‍යවරයාගේ නිවස ඇතුළුව තාරාපුරම්හි තුර්කි නගර් නැමති මුස්ලිම් ගම්මානය පරීක්ෂාකට ලක් කළ බවයි. මෙම සෝදිසි මෙහෙයුම වෙනුවෙන් යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටිය බව වාර්තා වේ.

ආරක්ෂක අංශ පැවසුවේ තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි පිහි කිහිපයක් සොයාගත් අතර අදාළ උපකරණ මන්නාරම පොලිසිය වෙත භාරදුන් බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් සිකුරාදා රාත්‍රියේදි මස්කට් නුවර බලා විදෙස් ගතවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here