නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 04 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමීත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව 15 වැනිදා ආරම්භ කිරිමට නියමීත ටෙස්ට් තරගාවලිය සඳහා වු සහභාගි විමට නියමීත ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සංචිතය සඳහා තෝරා ගැනිම සඳහා අසන්ත ද මෙල් ගේ සභාපතිත්වයෙන් අභිනවයෙන් පත්වු තේරිම් කමීටු මුලිකව ක්‍රීඩකයින් 18 දෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

මේ අනුව මෙම සංචාරය සඳහා එංගලන්ත සංචාරයේදි අසාර්ථක වු කෞෂාල් සිල්වා සංචිතයට ඇතුලත් නෙකෙරෙන බවත් පැවසේ.

එසේම ළහිරු තිරිමාන්න,සධීර සමරවික්‍රම ටෙස්ට් සංචිතයට ඇතුලත් කිරිමට අවධානය යොමුව ඇති බවත් කියැවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග අනුව මුලික සංචිතයට අයත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක , ළහිරු තිරිමාන්න, ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, රොෂෙන් සිල්වා, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජීත, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ,නුවන් ප්‍රදීප්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here