බ්‍රිතාන්‍ය රාජකීයයන් පිලිගැනීමේ කමිටුව නමින් විදේශ අමාත්‍යංශයේ නොවන ව්‍යාජ ශීර්ෂ පාඨ යොදාගනිමින් සකස් කල ලිපියක් මේ දින වල සමාජ ජාල මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම ලිපිය කිසියම් හෝ පාර්ශවයක් විසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් නිර්මාණය කර ඇති බවයි විදේශ අමාත්‍යංශය කියා සිටියේ.

එහි දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 70 වෙනි නිදහස් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා පැමිණ ඇති බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය පිලිගැනීම සිදුකල යුතු ආකාරය දක්වා ඇත.

එහෙත් මෙම ලිපියේ කිසිදු සත්‍යකාවයක් නොමැති බවයි විදේශ අමාත්‍යංශය පෙන්වා දෙනනේ.

එම ව්‍යාජ ලිපිය පහතින්