ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විරුද්දව ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්දයෙන් තීන්දුව අද පස්වරු 05.00ට ලබා දීමට නියමිතය.

ඒ වන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කල් දමා ඇත.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ගැසට් නියෝගය අවලංගු කරන ලෙසත් එතෙක් මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

නමුත් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේ ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත තීරණය නීත්‍යානුකූල හා ව්‍යවස්ථාවට එකඟ බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපතිතුමන් ගත තීරණය පිළිබඳව ජනතාවගෙන් අති බහුතරයක් ප්‍රසාදය පල කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here