පසුගියදා අපුරු සිදුවීමක් වාර්තා වුනා. ඒ සිදුවීම සිදුවුනේ ගාල්ලේදී. එක්තරා ශ්‍රී ලනකිය තරුණයෙකු ගාලු කොටුව අසල ඇවිදමින් සිටියදී ඔහු එක් සිදුවීමක් දැක්කා. ඒ තමයි සුදු හම සහිත කුඩා තරුණයෙක්, තේරෙන විදිහට කිව්වොත් පොඩි සුද්දෙක්, ගාලු කොටුව අසල වැටී ඇති කුණු අහුලා මල්ලකට දමිනින් සිටියේ.

මේය දැකපු තරුණයා ඔහු ලඟට ගොස් මෙසේ කිරීමට හේතුව ඔහුගෙන් විමසා සිටිය. එයට පිළිතුරු වශයෙන් එම තරුණයා පවසා සිටියේ ” ශ්‍රී ලංකාව යනු ඉතා අලංකාර ලස්සන රටක්. ඉතින් මන් කැමති මේ රට තවත් ලස්සන වෙනවට. ඒකයි එහෙම කරේ ” කියලා.

මෑතකදී අපට මතක ඇති කුණු කන්දක් නිසා අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත පවා බිලි දීමට සිදුවුනා. එයට වගකීම රජය මෙන්ම සාමන්‍ය ජනයාද භාරගත යුත්තේ, නිසි ආකාරව කුණු බැහැර කිරීමේ හැකියාව අපට නොතිබීම හේතුවෙන්. මේ ප්‍රංශ ජාතික තරුණයා අද ආදර්ශයක් වුනේ පේ රටට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම. මොකද මෙය ඔහුගේ උපන් රට නොවුනත්, ඔහු පරිසරයට ආදරය කරන තරුණයෙක් නිසා.

අනිත් අය දැනගන්න share කරන්න. එම අවස්ථාවේ පින්තුරු කිහිපයක් පහතින්,
(photo credit goes to : Nibraz Ramzan)