අන්තවාදී ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05දා) පස්වරුවේ කුරුණෑගල, වදාකඩ ශ‍්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ තබා නොමැති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

අයිඑස් වැනි ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමේ දී විදේශීය බුද්ධි අංශ ද හා ලංකාවේ බුද්ධි අංශ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් බවත් විදේශීය බුද්ධි අංශවලින් අවශ්‍ය ප‍්‍රයෝජන පමණක් ලබා ගැනීම රජයක වගකීම බව ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here