ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත T20 තරඟාවලිය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.ඇන්ජලෝ මැතිව්ස්ගේ අාබාධ තත්වය නිසා ඔහුට ටෙස්ට් තරඟාවලියේ මෙන්ම එක්දින තරඟාවලියේද තරඟ කිහිපයක් අහිමි වුනා.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර T20 තරඟාවලිය එළඹෙන 15 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.