පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ එජාපයේ බහුතරයක් ෆොන්සේකාට ආරක්ෂක ඇමති කම දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමාට බලපෑම් කරමින් සිටියි.

මේ බලපෑම් පිටුපස ඇමති රිෂාද් බදුර්දීන් සිටින බව එජාපයේම පිරිසක් අනාවරණය කර තිබේ.

එජාපයට සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමතිකම දීමට උවමනාවක් තිබුනානම් එය ඔවුන්ට ජනවාරි 03 ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරපු ඇමති මණ්ඩල ලැයිස්තුවට ෆොන්සේකාගේ නම දමා ඉටුකරන්නට හැකියාව තිබුණි. නමුත් සිදු නොකර දැන් ෆොන්සේකාට ආරක්ෂක අමාත්‍යාංශය දෙන ලෙස ජනපතිට පවසන්නේ බදුර්දින්ගේ බලවත් ඉල්ලීම සහ මුදල් මත ඔහුගේ පාකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන එන හිතවතුන් සහ අන්තවාදී ත්‍රස්ත හිතවතුන් ආරක්ෂක අංශ වල රැහැනින් මුදා ගැනීමටය.

ජනාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතට ගෙන රටතුල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඊට සම්බන්ධ පාතාල කල්ලි වලට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් කරමින් සිටින වකවානුවක වැඩිවශයෙන් පාකිස්තානයෙන් කුඩු මෙරටට ගෙන එන බදුර්දින්ගේ මුස්ලිම් හිතවාදී පිරිස් සහ බදුර්ධින්ගේ ත්‍රස්ත හිතවතුන් ගලවා ගැනීමට මෙම අවස්ථාව දඩමීමා කරගැනීමට එජාපයේ ඇතැමුන් බදුර්ධින්ට සහය පලකිරීමට ඉදිරිපත් වීම කනගාටුවට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here