ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවිමට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 5.5 මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වු නිතිමය ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙස ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පොලිස්පතිවරයාට දැනුම් දි තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග විකාශන අයිතිය පිළිබඳව ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා පුද්ගලික සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අනුව ඇමරිකන් ඩොලර් 5,564,404.50 (50%ක දායකත්වය) මුදල, ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර වෙනත් ගිනුමකට බැර කිරිමට යෑම මෙම මුල්‍ය වංචාව වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා විසින් මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විමට පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පසුගිය සැප්තැබ්ම10 වැනිදා පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

විමර්ශන කටයුතු නිමා වී නොමැතිවිම පිළිබදවා මාධ්‍යයන් විවිධ මත පල තිබෙනවා. වැරදි මත සමාජ ගත වීම වැලැක්වීම සදහා මෙම මූල්‍ය වංචාව පිළිබදව විමර්ශන කටයුතු කඩිනම් කර ඉදිරි නීති පියවර ගන්නා ලෙසයි පළාත් සභා ,පළාත් පාලනහා ක්‍රීඩා අමාත්‍යෆයිසර් මුස්තෆා මහතා පොලිස්පතිගෙන් ඉල්ලා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here