සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වැනි තැන හෙට 20දා දිවා තරගයක් ලෙසින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. තරගාවලියේ මේ දක්වා තරග තුනක් පවත්වා අවසන් කර තිබේ.

එහි පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වූ අතර තරගාවලියේ දෙවැනි තරඟය සහ තෙවැනි තරගය ජයගත් එංගලන්ත කණ්ඩායම තරග 3ක් අවසානයේ 2-0 ලෙසින් පෙරමුණ ගෙන සිටි. ඒ අනුව තරඟාවලිය ජය ගන්නට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තව එක ජයක් පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ තරඟාවලියේ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සටන් කිරීමට පමණි. තෙවැනි තරගයේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හිත සියලු දෙනා ම විමතියට පත් කරමින් උපුල් තරංග අවසන් එකොළොස් දෙනා අතරින් ඉවත්කොට ඔහුගේ ස්ථානයට, තරගාවලියට නම් කළ පළමු සංචිතයේ නොසිටි දිගින් දිගටම අසාර්ථක වූ නිසා කණ්ඩායමේ ස්ථානය පවත්වා පවා අහිමි වූ කුසල් මෙන්ඩිස් කැඳවා තිබුණි. සාර්ථකත්වය ගැන සඳහන් කරමින් කුසල් මෙන්ඩිස් අවසාන එකොළොස් දෙනා අතරට කැඳවන්නේ නම් කුසල් මෙන්ඩිස් සිටින්නේ උපුල් තරංගටත් වඩා ගව් ගණනක් පසුපසින් බවද තේරුම් කමිටු වටහා නොගැනීම විමතියට දක්වන්නෙකි.

එපමණක් නොව තුන්වෙනි එක් තරගය පන්දුවාර විස්සයි විස්ස තරගයකට සමාන බැවින් උපුල් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු යැයි අප විශ්වාස කරන්නේ මන්ද පසුගියදා අවසන් වූ මෙරට අන්තර් සමාජ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ මෙන්ම අවසන් තරගයේ දී ද සියලු සම්මාන හිමිකර ගනිමින් තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූයේ ද උපුල් තරංග බැවිනි හිදි උපුල් පවා වාර්තා කළේ එම තරගාවලියේ දී පවා කුසල් මෙන්ඩිස් අසාර්ථකවිය මෙවැනි පසුබිමක් යටතේ කුසල් මෙන්ඩිස් අවසන් එකොළොස් දෙනා අතරට ඇතුළත් කළේ කුමන මිණුම් දණ්ඩ අනුව දැයි තේරුම් කමිටුව පැහැදිලි කළ යුතුය

තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද ඒ කණ්ඩායමේ වාසියට හරවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපොහොසත්වීම කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම නිරෝෂන් දික්වැල්ල දැවී ගිය පසු අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීමට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවීයාම නිසා එතෙක් එංගලන්ත කණ්ඩායමට වැටී තිබූ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට විතැන් විය. ඉන්පසුව නැවත තරගයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් හිමිවේ නම් ඒ දසුන් ශානකගේ කෙටි ඉණිමයි. එහෙත් සදුන්ටද ශ්‍රී ලංකා ලකුණු පුවරුව එංගලන්ත කණ්ඩායමට පීඩනයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් තෙක් රැගෙන යන්නට නොහැකි විය.

හෙට පැවැත්වෙන සිව්වැනි තරඟයට හෝ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන්ට සාධාරණයක් ඉටු කරමින් කණ්ඩායම් නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළයුතුව ඇත. එසේ නොමැති නම් තරගයෙන් තරඟයට දක්ෂතා අතර සිටිනවාද නැද්ද යන්න විමසා නොබලා හිතුමතේ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්නට නොහැකි බව තේරුම් කමිටුව තේරුම්ගත යුතුය. තරගයට කුමක් හෝ කණ්ඩායමක් තේරීමේ තියරියෙන් ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව ඉවත් වීමට තවමත් කාලය ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here