බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නඩු තුනක් අද දිනයේ විභාගයට ගැනේ.

ඉන් එක් නඩුවක තීන්දුවක්ද අද දිනයේ කොළඹ මහාධිකරණයේ ප්‍රකාශයකට පත් කිරීමට නියමිතය. තලාහේන මුලධර්මවාදී පල්ලියකට පහරදීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව අද දිනයේ ප‍්‍රකාශයට පත් කෙරෙයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැෙනණු ලබන අනෙක් නඩු දෙක වන්නේ ‘අල් ටකියා’ වචනය භාවිත කිරීමෙන් කුරාණයට අපහාස කිරීම, වටරැක විජිත හිමි විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් ඇතුළුවීම යන නඩු දෙකයි.

කොළඹ මහාධිකරණය හමුවට අද ඥානසාර හිමියන් ඉදිරිපත් වන අතර ඒ බව නීතීඥයෙකු මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here