අපරාධ පරික්ෂණ දෙපා්තමේන්තුව භාරයේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයේ අතුරු වාර්තාවක් අද දිනයේ දී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ වන විට විමර්ශණය සදහා පත්කළ සය පුද්ගල විශේෂඥ කමිටුව විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් සහ එහි කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සදහන්.

මේ අතර, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි යටතේ පසුගිය කාලයේදී සිසේරියන් සැත්කම් සිදුකරගත් මව්වරුන් 202කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමණිලි ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව දඹුල්ල මූලික රෝහලට සහ ගලේවෙල දිසා රෝහලටද පැමිණිලි 36ක් ඉදිරිපත්ව ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට එරෙහිව පැමිණිලි 238 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කුරුණැගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ පිළීබද කිසිදු සැකයක් ඇති කර නොගන්නා ලෙස ද සෞඛ්‍ය අමාතයංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here