පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවට බුද්ධි අංශ නිලධාරීන් කැඳවූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය නිල රහස් පනත යටතේ දඩුවම් ලබාදිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා මගින් කටයුතු කළයුතු බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාව පිළිබද ඉකුත්දා කථානායකවරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ අද කථානායකවරයා වෙත ලිපියක් ද යොමුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here