පාස්කු ඉරිදාප්‍රහාරයඑල්ලකරන්නට කණ්ඩායම් මෙහෙය වූ සහරාන් ගැන මුලින්ම සොයාගෙන විමර්ශන ඇරඹූත්‍රස්තවිමර්ශන කොට්ඨාසයේ මුස්ලිම්අන්තවාදයහාමූලධර්මවාදී ඒකකයේ ස්ථානාධිපතිව විමර්ශන අතරමැද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් මාරුකර ඇතැයි හෙළි වී ඇත.

සහරාන් අත්අඩංගුවටගැනීමට තිබූ අවස්ථාව තමා අත්අඩංගුවටපත්වීම නිසා අහිමි වූ බවත්‍රස්තවිමර්ශනඒකකයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රකාශ කළද එය සාවද්‍ය බවට තොරතුරු අනාවරණය වෙයි.

සිව්වැනි ඊළාම්යුද්ධයෙන්පසුව යළි හිස එසවූ කොටින්ටනායකත්වය දෙන්නට ආ ගෝපි, අප්පන්, තේවියන් කණ්ඩායම සොයා කළ මෙහෙයුමකදීත්‍රස්තවෙඩිප්‍රහාරයකින්තුවාල ලැබුවේද එම මාරු කර යැවූ ස්ථානාධිපතිවරයාය. එම නිලධාරියාව මාරු කර යවා විමර්ශන කල් මරමින්නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙත සහරාන් හෂීම් අත්අඩංගුවටගැනීමට ක්‍රියාකර ඇත්තේ සහකාර ​පොලිස් අධිකාරී නවාස් නමැති නිලධාරියාය.

2018 ජූලි 02 වැනි දින සහරාන්අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවිමර්ශනඒකකය වරෙන්තු ලබාගෙන ඇතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපතිඝාතනකුමන්ත්‍රණයේසැකකරුවකු ලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදාය.

අවසානයේ එම බුද්ධි ඒකකයේ සිටි සෙසු බුද්ධි නිලධාරීන් එක් එක් පොලිස් ස්ථානවලට මාරු කර ඇති අතර ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් හා ​පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු එසේ බුද්ධි රාජකාරියෙන් ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here