2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තේරීමට ප්‍රධාන පෙලේ පක්ෂ සියල්ලම පාහේ දැඩි වෙහෙසක් ගන්නා බව පෙනෙන්නට තිබේ. ප්‍රධාන පක්ෂ කිසිවක් මේ වනතෙක් තම අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට නැතත් නොනිල වශයෙන් නොයෙකුත් අපේක්ෂකයින් කරලියට පැමිණෙමින් සිටී.

කලක සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් “පොහොට්ටුව” සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට ප්‍රචාරය කලත් එයට බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ සහෝදරවරුන් කැමැත්තක් නොදැක්වූ බව නොරහසක්.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට කාගේ සහයෝගය තිබුනත් දෛවයේ සරදමකට මුහුණ පාන්නට සිදුව තිබේ එය නම් සෞක්‍ය පරීක්ෂාවක් සඳහා යොමු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට හදවතට රුධිරය සපයන නාල කිහිපයක අවහිරතාවයක් නිසා හදිසි ශල්‍යකර්මයකට මහුණ පෑමට සිදුව තිබේ.

ඒ අනුව වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ මාස 6ක කාලයක් විවේකීව සිටින ලෙසටයි. ඒ අනුව අයහපත් සෞක්‍ය තත්වය හේතුවෙන් ඔහුට ඉදිරි ජානධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වන බවයි වාර්තා වන්නේ.

කල දුටු කල වල ඉහගන්නට මේ වනවිට බැසිල් රාජපක්ෂ කටයුතු අරඹා ඇත. ඒ අනුව තම මුලිකත්වයෙන් තැනු පොහොට්ටුවෙන් මීළඟ ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සිදු කරනා බවට වාර්තා වන අතර ඒ සඳහා අවශ්‍ය දැන්වීම් පිණිස චායරුප ගත කිරීම් මේ වනවිටත් අවසන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

අවාසනාවට කරුණ ජනතාව කියන්නේ මහින්ද පරදවන්නට මුලික වූ බැසිල් ජනාධිපති කරවන්නට තරම් මිනිස්සු මෝඩ නැතැයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here