වසර 4 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වාර්ථාවක් අලුත් කරයි….!

    0
    36

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගාවලිය මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙනවා. පළමු ඉනිමට බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ යෝද ලකුණු 513කට සාර්ථක පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගයේ වැඩි වාසී තමන් සතු කරගෙන තිබෙනවා.

    තරගයේ තෙවන දිනයට තරගය අවසන් කරන විට ඊයේ ශ්‍රී ලංකාව කඩුලු තුනක් දැවි ලකුණු 509ක් රැස් කරගෙන සිටියා.

    රොෂේන් සිල්වා (109) සහ දිනේෂ් චන්දිමාල් ( 87) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 135 ක සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 600 සිමාව පසුකළ ශ්‍රී ලංකාව චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිවුවැනි දින මේ වනවිට පන්දුවට පහර දෙමින් කඩුලු 6 ක් දැවී ලකුණු 663 ක් රැස්කිරීමට සමත්විය.

    2014 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඩකාහිදි ලකුණු 730 ක් රැස්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 600 සිමාව පසුකළ පළමු අවස්ථාව මෙයවිය.