තරඟයට පෙර තරංග සහ මහමදුල්ලා කියපු දේ මෙන්න

    0
    301

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවැත්වෙන T20 තරඟ මාලාවේ පළමු තරඟය පිළිබඳව දෙරටේම අවධානය යොමුවී ඇති මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු T20 තරඟයේද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ආරම්භ කල උපුල් තරංග අද දිනයේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා බවට පත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වන අතර තරංග පවසා ඇත්තේ අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන්නේ ටෙස්ට් ජයග්‍රහණයෙන් පසුව ඉහල මානසික ශක්තියකින් බවය.

    “අපි එක්දින තරඟාවලියත් දිනලා ටෙස්ට් තරඟාවලියත් දිනලා ඉන්න නිසා අපිට තියෙන්නේ ඒ දක්ෂතා ඉස්සරහට ගෙනියන එක තමයි.T20 තරඟාවලියට අළුතෙන් ක්‍රීඩකයෝ ඇවිල්ල ඉන්නවා,අපි කාගේත් අපේක්ෂාව තමයි මේ තරඟ දෙකත් හොඳටම කරන එක.”

    තරඟයට ලැබෙන තණතිල්ල කුමන අකාරයෙන් වේදැයි අනාවැකි කිව නොහැකි බවත් මේ තරඟාවලිය ජය ගැනීම කණ්ඩායමට ඉතා වැදගත් බවත් තරංග පවසා ඇත.”අපිට මේ තරඟාවලිය දිනන එක ගොඩක් වැදගත් වෙනවා,මොකද අපි පහුගිය අව්රුදු එකහමාර වගේ හොඳට සෙල්ලම් කරලා නෑ.ඉතින් මේ තරඟාවලිය හොඳටම ඉවර කරන එක තමයි කරන්න තියන හොඳම දේ.එක්දින තරඟාවලියේ ත් මේ ක්‍රීඩාංගනයේ වෙනස් තණතිලි ලැබුනේ අපිට තරඟයට යනකම් අපිට කියන්න බෑ මොනවගේ තණතිල්ල හැසිරෙයිද කියල.එක්දින තරඟාවලියේ පලවෙනි තරඟ දෙකේ පිතිකරුවන්ට ගොඩක් හොඳ කඩුල්ලක් තිබිල ඊට පස්සේ ඒක පන්දු යවන්නන්ට වාසි දායක වුනා.මම හිතන්නේ T20 තරඟාවලියට හොඳ තණතිල්ලක් ලැබෙයි කියල.”

    තරංග පවසන්නේ BPL තරඟාවලියට ක්‍රීඩා කල තමන් සහ තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බංගලාදේශ ක්‍රීඩකයන් ගැන අදහසක් ඇති බවත් අලුතෙන් පැමිණි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන වීඩියෝ පට නරබා අවබෝදයක් ගත් බවත්ය.”BPL සෙල්ලම් කරද්දී අපි එක්ක සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම මේ සංචිතයේ ඉන්නවා,එයාලගේ හැකියාවන් ගැන අපිට අවභෝදයක් තියනවා.ඒ වගේම අලුතෙන් කණ්ඩායමට ආපු අයගේතරඟ රටාව ගැනත් අපි වීඩියෝ බලල අවභෝදයක් අරගෙන ඉන්නේ.ඒ වගේම තමයි මම හිතන්නේ අපි ගැනත් දන්න බංගලාදේශ ක්‍රීඩකයෝ මේ කණ්ඩායමේ ඉන්නවා.”

    තරඟය ගැන අදහස් දක්වන මහමදුල්ලා පවසන්නේ T20 තරඟ රටාව වෙනස්ම එකක් වන නිසා පසුගිය තරඟ වල පරාජයන් මෙම තරඟයට බලනොපාන බවය.”මෙතන තියෙන්නේ වෙනම තරඟ රටාවක්,ටෙස්ට් එක්දින පරාජයන් දැන් ඉවරයි අපි ඒ දේවල් අමතක කරන්න පුළුවන් මේ තරඟාවලියට හොඳට ක්‍රීඩා කලොත්,අලුතෙන් ක්‍රීඩකයෝ ඇවිත් තියනවා.ඉතින් මම ලොකු විශ්වාසයකින් ඉන්නේ ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන.ඒ වගේම අපි ශ්‍රේණිගත කිරීම් වල පහල හිටියට අපි ඇත්තටම ඉන්නේ කොතනද කියල ලෝකයට පෙන්නන්න පුළුවන් මේ තරඟාවලියේ ජයග්‍රහණය එක්ක.”

    පසුගිය වසර තුනකදී වගේ අපි බංගලාදේශයේදී හොඳටම කරලා තියනවා,අවාසනාවකට වගේ මේ තරඟාවලියේ අපි ලංකාව ඉස්සරහ පසු බාල තියනවා,මේ තරඟ දෙක අපිට හොඳ අවස්තාවක් නැවත හිටපු තැනට එන්න.”

    2016 වර්ෂයට පසුව මෙම ක්‍රීඩා පිටියේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවන අතර මෙහි තණතීරු මත ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 6කට සහභාගි වී තරග 3ක් ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය මෙම තණතීරුව මත විස්සයි විස්ස තරග 19කට සහභාගි වී තරග 7ක් ජයග්‍රහණය කරද්දී, තරග 12ක් පරාජය වී ඇත. අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4:30 ට පමණ ආරම්භ කිරීමට නියමිතය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here