ඩීල් නිසා ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දෙන්න අගමැති රනිල් අකමැතියි..?

    0
    65

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජයට එරෙහිව ජනතාව තම ඡන්ද ප්‍රකාශ කරමින් ආණ්ඩුවට රතු එළියක් දැල්වූ බව දේශපාලන විචාරකයන් පෙන්වා දුන් මූලික කරුණක්.

    ඊට මූලිකම හේතුව දූෂණ චෝදනාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා නොදී විවිධ තම තමන්ගේ අනාගත බල රැකගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියාවට නැංවීම සඳහා ඩීල් දමා තිබීම බව ප්‍රකට කරුණක්.

    මේ අතර අද හෝ හෙට සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දෙන බවට මාධ්‍ය වාර්තා කල අතර ඊට හිමිවූය්ටේ දැඩි ඉහළ ප්‍රතිචාරයක්..

    එහෙත් දැන් දැන් අපට කරුණු වාර්තා වන අන්දමට නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දීමට ජනාධිපතිවරයා තම කැමැත්ත පල කර සිටියත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම අකමැත්ත ඊට ප්‍රකාශ කර තිබෙන බවයි.

    මීට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍යට කරුණු දක්වමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කර සිටියේ, තමන්ට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දෙන්නේනම් මාස හයක් ඇතුළත් දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් සකස්කර ජනතා අපේක්ෂාවන් ඉටු කරන බවයි.

    එහෙත් අග්‍රාමාත්‍යවරයා මේ සිදු කරන ක්‍රියාවලිය තුළ ඉදිරියටත් දූෂිතයන් ආරක්ෂා වන බව නම් සක්සුදක් සේ පැහැදිලියි.

    .“සුදුසුම පුද්ගලයා ඔහුයි” – පූජ්‍ය දඹර අමිල හිමි
    .

    නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති.

    මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට 15දා පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි සුදුවෑන් පිටත් නොකළද, වත්මන් ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ කටයුතු මෙහෙයවන ප්‍රධානීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් මුදල් යොදවා කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවයි.

    ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කළ නොහැකි දේ පවා අනුගමනය කරමින් රට තුළ මහජන ශික්ෂණය ස්ථාපිත කිරීමට ශක්තිමත්, නිර්භය නායකත්වයක් අවශ්‍යව ඇති බවත්, එම තනතුර සඳහා වඩාත් යෝග්‍යතම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා වන බවත් අමිල හිමියෝ එහිදී පෙන්වා දුන්හ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here