රනිල්ට මඩගහන්නේ එජාපයෙන්මයි. මෙන්න සත්‍ය..

    0
    39

    ඊයේ (25 ) සිදුවූ කැබිනට් සංශෝධනයේදී වැඩිම කතා බහට ලක්වූ මාතෘකාව වුයේ නිතිය හා සාමය අමාත්‍යධුරය සම්බන්ධයෙනි.එහිදී සති ගණනක සිට නොයෙකුත් මාධ්‍ය වාර්තා කර සිටියේ එම ධුරය සරත් ෆොන්සේකාට හිමිවනු ඇති බවය.එය ජාතික ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ තීරණයක් නොව මාධ්‍ය විසින් පිලිබිබු කල දෙයකි.

    කෙසේ වෙතත් අවසානයේදී එම කැබිනට් අමාත්‍යධුරය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.පසුව එම සිදුවීම පිලිබදව සමාජ මාධ්‍ය ජාලා තුල දැඩි අවධානයක් යොමුවිය.පසුව එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුනේ එම අමාත්‍යධුරය තව සති දෙකකින් සරත් ෆොන්සේකාට හිමිවන බවය.තවද මෙතෙක් රනිල් වික්‍රමසිංහට මඩ ප්‍රහාර දියත් නොකළ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියද රනිල් වික්‍රමසිංහ මහතාට වටින් මඩ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.ඔවුන් වාර්තා කර තිබුනේ එම අමාත්‍යාංශය ජනාධිපතිතුමා විසින් එම අමාත්‍යංශය සරත් ෆොන්සේකාට ලබානොදී එය අග්‍රමාත්‍යවරයාට ලබාදීම ජනාධිපතිතුමා විසින් සිදුකල මෝඩ ක්‍රියාවක් බවයි.

    ඔවුන් පවසන ආකාරයට අගමැතිතුමා වැඩ බැරි ටාසන් කෙනෙක්ද? වර්තමාන අගමැතිවරයාට දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙකි.නමුත් එජාප මඩ වෙබ් අඩවි මෙලෙස සරත් ෆොන්සේකා උඩ දමා රනිල් වික්‍රමසිංහට එම අමාත්‍යධුරය ලබාදීම වැඩක් නැති බව කියන්නේ කුමන පදනමකින්දැයි අපි නොදනිමු.ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට මුදල් සපයන්නේ රවී කරුණානායක බව සමාජ ජාලා මාධ්‍ය තුල මිට පෙරද වාර්තා කර තිබුණි.රනිල් වික්‍රමසිංහ මහතාට අන් කිසිවෙකුටත් වඩා අමාත්‍යංශ බාරගෙන කිරීමට හැකි පුද්ගලයෙක් බව අප අවිවාදයෙන් පිළිගනිමු.රනිල් වික්‍රමසිංහ මහතා යනු රටේ දෙවන පුරවැසියාය.මහින්ද රාජපක්ෂ පවා ජනපතිධුරයේ සිටියදී තවත් අමාත්‍යංශ භාරගෙන සිදුකරගෙන ගියේය.චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා අමාත්‍යංශ බොහොමයත් එතුමියගේ පාලන සමයේදී සිදු කළේය.

    කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට නිතිය හා සාමය භාරදුන් සැණින් සරත් ෆොන්සේකාට එය ලබානොදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට හුල්ලමින් ලංකා ඊ නිවුස් රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බැරි පබයෙකු ගානට දැමීම හෙලා දැකිය යුතුය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here