සමාජ මාධ්‍යජාල ඥානසාර ස්වාමීන්වහන්සේ ගැන කියන්නේ බොරු ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කියයි

    0
    227

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාල වල පලවන පුවත් වල සත්ය තත්වයක නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව පලවන විදෙස් සංචාරයක් පිළිබඳවයි.

    එම නිවේදනය පහතින්,

    ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙඩ් අඩවිවල පළවන ප්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප්‍රවෘත්ති බව දන්වා සිටිමු.

    ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

    එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.

    මේ අතර ඊයේ බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ විමසීමකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක, කථිකාචාර්ය ඩිලන්ත විතානගේ කියා සිටියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයා ගේ නිල දූත මණ්ඩලයේ සාමාජිකයෙකු නොවූ බවය.

    “නමුත් ඥානසාර හාමුදුරුවෝ ජපානයේදී ජනාධිපතිතුමා හමුවෙලා තියෙනව,” ඔහු පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජපානයේ සංචාරයක නිරතව සිටින්නේ ජනාධිපතිවරයාගේ දූත පිරිසට ලැබුන නිල වීසා බලපත් භාවිතයකින් නොවන බවය.

    එහිමියන් ජපානය බලා පිටත්ව ගොස් තිබෙන්නේ ජනාධිපතිවරයා ජපානයට යාමට පෙරාතුව බව දැනගන්නට ලැබී ඇතැයි ද නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පැවසීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here