රථවාහන වැරදි සොයන්න මොනරාගලට අළුත් ක්‍රමයක් මෙන්න

    0
    40

    මාර්ග ආරක්ෂක රාජකාරී සඳහා යොදවා ඇති මොනරාගල කොට්ඨාසයේ අධිවේගී පොලිස් යතුරුපැදි සඳහා නවීන කැමරා සවි කරන බව පොලීසිය සඳහන් කරයි.

    එහි මූලික අධීර ලෙස පොලිස් යතුරුපැදි 07ක් සඳහා සී.සී.ටී.වී කැමරා සවි කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    මේ හරහා මාර්ග නීති උල්ලංඝනය කිරීම්, රථ වාහන වැරදි අදාළ කැමරා මගින් නිරීක්ෂණය කර එම වැරදි සිදු කරන රියදුරන්ට එම අවස්ථාව්දීම දර්ශන පෙන්වාදී අවවාද කිරීම, දඩ පත්‍රිකා නිකුත් කිරීම හා නඩු පැවැරීමට ක්‍රියා කිරීමෙන් සිදුවන රිය අනතුරු අවම කර ගැනීම අපේක්ෂාව බවත් පොලීසිය පවසයි.

    මොනරාගල කොට්ඨාසයට ඇතුළු වන සියලුම රියදුරන් මේ පිළිබඳව දැනුවත් කිරීමට මාර්ගය දෙපස දැන්වීම් පුවරු සවිකර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here