ආබාධ වූ මැතිව්ස්‌ යළි පිටියට එන්නේ කවදද? සුභ ආරංචිය මෙන්න…

    0
    112

    ශ්‍රී ලංකා එක්‌දින සහ විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පාදයේ මස්‌පිඩු පෙරළීම සහ කලව ආශ්‍රිත ආබාධයෙන් පසුව යළිත් දේශීය පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට අවතීර්ණ වීමට සූදානමින් සිටිනවා. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගයේදී මහනුවර පිලේ නායකයා වශයෙන් මැතිව්ස්‌ ක්‍රීඩා කිරීමට නියමිතයි.

    අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ සංචාරයේ පළමු තරගයද මැතිව්ස්‌ට අහිමි වූ අතර අනතුරුව නිදහස්‌ කුසලාන තරගාවලිය සහ දැන් ක්‍රියාත්මක පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරග දෙකද ඔහුට අහිමි වුණා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඊළඟ සංචාර කිහිපයේදී මැතිව්ස්‌ පන්දු යවන්නෙක්‌ වශයෙන් කටයුතු නොකරන අතර පිතිකරුවකු වශයෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. ක්‍රිකට්‌ තේරීම් කමිටුවද මැතිව්ස්‌ට පිතිකරුවකු ලෙස පමණක්‌ ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ලබාදී තිබෙනවා.

    පළාත් තරගාවලියේදී මැතිව්ස්‌ ක්‍රීඩා කරන මහනුවර කණ්‌ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන අතර ඔවුන් මේ සති අන්තයේදී ගාල්ල සමග තරග කිරීමට නියමිතයි. පළාත් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස්‌ පවසා සිටියේ පළමු තරගය පමණක්‌ තමාට ක්‍රීඩා කිරීමට නොහැකි වුවද සෙසු තරග ක්‍රීඩා කිරීමට හැකි බවයි. නමුත් ඔහුට මේ වන විට තරග දෙකක්‌ පළාත් තරගාවලියේදී අහිමි වී තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here