බැදුම්කර කාක්කන්ගේ අලුත්ම සෙල්ලම් පත්තරේ – අනිද්දා(PHOTOS)

    0
    328

    මාධ්‍ය කලාවේ දැන් විනාශයට ගොස් හමාරය. ඉපරැණි පුවත්පත් කලාවේ ශේෂ පමණක් ඉතිරිකොට පුවත්පත් කලාවේ වර්තමාන දැවැන්තයන් ලෙස පිම්බෙමින් රනිල්ගේ කුනුඅපුල්ලන්නන් විසින් මෙතෙක් හඳුන්වා නොදුන් කලු සල්ලි ( මෙය මහ බැංකු බැඳුම්කරයෙන් කොල්ල කෑ මුදල් විය හැක. )මෙම මඩ පත්තරය එලියට අදිමින් සිටියි.

    රනිල්ගේ න්‍යාපත්‍රයට නටවමින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පාලන ව්‍යුහය, නීතියේ පාලනය, මානව ගරුත්වය, ජනවාර්ගික සමානාත්මතාව මෙන්ම විවාධාපන්න අනෙක් ක්‍ෂෙත්‍රවලද උඩ පිනුම් ගැසීමට මාන බලමින් මොවුන් ඉව අල්ලන්නේ මේ රට තවත් අගාධයට යැවීමය. වාර්තා වන අන්දමට මෙම සමාගමේ අධ්‍යක්‍ෂවරු වන්නෝ නව ව්‍යවස්ථාවක් ගෙන එමින් ලංකාවේ බුදු දහමට තිබූ ස්ථානයද අහිමි කරමින් යෝජනා ගෙනා නීතිඥ ලාල් විජේනායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, නීතිඥ උපුල් කුමරප්පෙරුම, වෛද්‍ය රංජිත් සෙනරත් පතිරණ හා ජනරංජනය. එම නම් පෙලේන්ම ඔබට මෙම රනිල්ගේ සෙල්ලම් පත්තරේ ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.

    ජයදේව උයන්ගොඩ

    සරත් විජේසූරිය

    ගාමිණී වියන්ගොඩ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here