ලොව හොඳම පුහුණු කරුවා මහේල ම්බානිගේ සුරූපී බිරිඳ කිව්වදේ මෙන්න

    0
    126

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2018 IPL තරඟාවලියේ නින්දෙන් නැගිටලා වගේ ගතියක් අපිට පහුගිය තරඟවල දකින්න ලැබුන,මේ පිබිදීම එක්ක මුම්බායි කණ්ඩායම දැන් සුපිරි කණ්ඩායම් හතර අතරටත් එකතු වෙලා ඉන්නේ.මේ විදියට 2017 ශුරතාවය දිනපු මුම්බායි කණ්ඩායම 2018 තරඟාවලියේ පලවෙනි කණ්ඩායම් හතර අතරට ආපු පලවෙනි අවස්තාව තමයි කල්කටා ජයග්‍රහණයෙන් පස්සේ මුම්බායි කණ්ඩායම උදා කර ගත්තේ.

    මුම්බායි ලබපු මේ ජයග්‍රහනය ගැන ලංකාවේ ක්‍රිකට් ලෝලීනුත් සතුටෙන් ඉන්නේ ,ඒකට හේතුව තමයි මේ පාර ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා මුම්බායි කණ්ඩායම නියෝජනය කිරීමත් මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට මහේල ජයවර්දන කටයුතු කරන එකත් මුම්බායි පන්දු යැවීමේ උපදේශක විදියට මාලිංග වැඩ කිරීමත් නිසා.

    ඊයේ තරගයත් සමග වඩාත් සාර්ථකම කණ්ඩායම බවට මුම්බායි ඉන්දීය කණ්ඩායම ඕනෙම අයෙකු පිළිගන්නා කාරණයකි.තරගයෙන් පසුව නොයෙකුත් දෙනා අදහස් පල කර ඇති අතර තරගයෙන් පසුව පිටියට පැමිණි මුම්බායි කණ්ඩායමේ හිමිකරු වන නීටා අම්බානි රෝහිත් ශර්මා වගේම කණ්ඩායමේ බොහෝ දෙනා සමග අදහස් හුවමාරු කර ගැනීමද සිදු විය.රෝහිත් ශර්මා ලොව හොදම සහ නිරහන්කාරම නායකයා ලෙසත් ලොව හොදම පුහුණුකරුවා මහේල ජයවර්ධන බවත් නීටා අම්බානි එම අවස්ථාවේදී කණ්ඩායමේ සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ කල බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here