ජනවාරි 8 පාන්දර ඉදන් හොරු රැක්ක අය ගැන කියමින් අගමැතිව සුනුවිසුණු කල ජනපතිගේ කතාව (Video)

    0
    91

    අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උත්සවය අද කොළඹදී පැවැත්විණ.අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබු අතර උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ශාසනික මෙහෙවර ඇගයීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී අද මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

    වසර තුනක් ඇතුළත සිදුවූ දේ පිළිබඳව විවෘත සංවාදයකට ද ජනාධිපතිතුමා මෙහිදී අභියෝගයක් කළේ ය.

    සෝභිත හිමියන් අපේක්ෂාවන් විනාශ කළේ, කවුරුන් දැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ය.ජනාධිපතිවරයා විසින් කල කතාව මගින් සෘජුවම අගමැතිවරයාට චෝදනා එල්ල කරන බවක් දක්නට තිබිණ.පසුගිය පාලන කාලය තුල සිදුවූ දුෂිත අක්‍රමිකතා සෙවීම අඩාල වී ඇත්තේ අගමැතිවරයා නිසා බව ජනපති සිදුකල කතාව මගින් පෙනෙන්නට ඇත.

    මෙම රජය බලයට පත්වන විට මහබැංකුව තුල බැදුම්කර හොරකමක් මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් කිසි දිනකවත් බලාපොරොත්තු නොවන්නට ඇති බවද එතුමා වැඩි දුරටත් සදහන් කර සිටියේය.ජනවාරි 8 වනදා ජයග්‍රහණයෙන් පසුව ආසන 47 ක් තබාගෙන දින 100 ක්‍රියාත්මක කිරීම නොව පාර්ලිමේන්තුව විසුරුවා නව රජයක් බිහි කර ගැනීම බවද එතුමා සදහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය නියෝජන කිරීම නිසා රටට නොගැළපෙන දේවල් රැසක් වළකා ගත හැකි වූ බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.එතුමා දැක්වූ අදහස් පහත විඩියොවෙන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here