කර්නල් රත්නප්‍රිය සහ ජනපති ක්‍රිකට් පිටියක….(Video)

    0
    106

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම පවුලේ පිරිස සමග මෙම සති අන්තය ගත කලේ පොළොන්නරුවේය.රටේ රාජ්‍ය නායකයා වුවත් නිවාඩුවකදී තම පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට එතුමා දැඩි කැමැත්තක් දක්වයි.

    එලෙස මෙම දින තුන එතුමා පොළොන්නරුවේ ගත කරද්දී ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා විසින් ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කල් තියාම සැලසුම් කර තිබුනේය. පොලොන්නරුව රජරට ක්‍රීඩාංගනය ඒ සදහා තෝරා ගත් දහම් සිරිසේන මහතා එම තරගාවලිය මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙසද නම් කළේය.

    පුරා දින තුනක් පුරා පවතී මෙම තරගාවලියේ අවසන් දිනය වූ අද දිනයේදී එය නැරබීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාද එක්විය.එහිදී ජනාධිපතිවරයා විසින් තරග නැරබීම සදහා පැමිණි සිටි ජනතාව සමගද සුහද කතා බහක නිරත වනු දක්නට ලැබිණ.මෙහෙදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුයේ මෙම තරගය නැරබීම සදහා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට අඹේපුස්සට මාරු කල යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පැමිණ සිටීමයි.

    මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව ඔහුව වැළදගෙන හඩා වැටුන අකාරය සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකටද ලක්විය.පසුව ජනාධිපතිවරයා විසින් වහාම එම ස්ථාන මාරුව අවංගු කර කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විශ්වමඩු ප්‍රදේශයේම සේවය සදහා යොදවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දීම සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රශංසාවටද ලක්විය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here