දේශීය කිරි අකැප ද?

    0
    36

    විවිධත්වයට ගරු කරනශ්‍රී ලාංකික සංස්කෘතියතුළ “කිරි” සංකල්පය සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. මෙරට බහු ආගමික හා බහු සංස්කෘතික රටක් වන නිසා පමණක් නොවල වසර 2500 කට උරුමකම් කියන පෞඪ ඉතිහාසයක් ඇති නිසාවෙන්ද, මෙරට දේශීය ආර්ථිකය “කිරි ගවයාගෙන්” හා “කිරි ගොවියාගෙන්” ස්වයංපෝෂිත වූයේ නිහතමානී හා සුවිශාලමානව ශිෂ්ඨාචාරයකට උරුමකම් කියමිනි. ලාංකිකයින් වශයෙන් අපි ඕනෑම සුභ කටයුත්තකදී ආගමික වශයෙන් හා සංස්කෘතික වශයෙන් “කිරි” ප්‍රමුඛ කර ගන්නා ජාතියකි. ඒ සඳහාහොඳම උදාහරණයක් ලෙස සිංහල හා හින්දු ආගමික සංස්ථාවන් තුළ අලුත උපන් දරුවාට “රන් කිරි කට ගෑමේ” සාංස්කෘතික චාරිත්‍රය සිදු කිරීම පෙන්වා දිය හැකිය.

    ආසියානු සමාජය තුල හැම දෙනාගේම රැකවරණයට ලක්වන ප්‍රථම තැනැත්තාකුඩා දරුවාය. දරුවන්ගේ කායික හා මානසික ශක්තිය වර්ධනය කිරීමත් හා පෝෂණ අවශ්‍යතා පරිපූර්ණ කිරීමත් ජාතික වගකීමක් හා යුතුකමක් බව අපි හොඳින් දනිමු. වත්මන් රජය තම “මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ද මේ බව සනාථ කර ඇති බව “දේශීය ආහාර නිෂ්පාදනය සහ ආහාර වල ගුණාත්මක බව වර්ධනය කිරීම” යන මැයෙන් පරිච්ඡේදයක් වෙන් කර තිබීම මගින් පැහැදිලිවේ.

    නවසීලන්තයෙන් කිරි ආනයනය කරන ප්‍රධාන රටවල් 05 අතුරින් අපරටට ද ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. විදේශීය රටවලින් මෙරටට ආනයනය කරන ලද සියලුම භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 21 ක් වාර්ෂිකව වැය වන අතර ඒ අතුරින් බිලියන 10 ක් තෙල් ආනයනය සඳහා දල ඉතිරි 21 න් 1 ක් එනම් 5‍% ක් කිරි ආනයනය සඳහා යොදාගන්නා බව හා මෙරට සමස්ත දියර කිරි නිෂ්පාදනය : එල හරක් – දිනකට ලීටර් ලක්ෂ 9 ක් පමණ නිෂ්පාදනය කළත් කිරි ලීටර් ලක්ෂයක පමණ අතිරික්තකයක් පවතින බවත් පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

    ලොව කිරි අපනයනය කරන රටවල් තමන් විසින් ආනයනය කරන ලද කිරි අධිකව භාවිතයට නොගන්නා අතර ලංකාව මේවන විටත් කිරි ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 400 ක් වැය කරන අතර මෙසේ ආනයනය කරන ලද කිරි වල ගුණාත්මකභාවය පිළිබඳවද විවිධ ගැටලුන් ඇත. තවද මෙරටට ආනයනය කරන ලද කිරි පිටි වල අඩංගු විය යුතු මේදය 32% ක් පමණ විය යුතු අතර මෙරට තිබෙන කර්මාන්තශාලා වලින් ආනයනය කරන ලද කිරි පිටිවල ඇති මේදය ඉවත් කරන්නේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ අත්තනෝමතික තීරණ මතය. තවද ඔහුන් ඒ සඳහා ආදේශක වශයෙන් ෆාම් ඔයිල් (Farm Oil) හා මෙලමයින් (Melamine) භාවිත කරන බව ද ප්‍රසිද්ධ රහසකි.

    එය දරුවන්ගේ වර්ධනය සඳහා සෘජුවම බලපාන බවත්, එහි දී විශේෂයෙන් ශ්‍රී ලාංකික දරුවන්ගෙන් 22% කට ඇමීනියා රෝග ලක්ෂණ, යකඩ හීනතාවය, ඌණ පෝෂණය, ශරීරයේ මේද අඩු බව, වර්ධනය අවමවීම හා ස්ථූලතාව වැනි විවිධ රෝග ඇති වන බවත් පෙන්වා දිය හැකිය. එමගින් දරුවාගේ මතක ශක්තිය අවමවීම හා එදිනෙදා පාඩම් වැඩවල හා ක්‍රීඩා කටයුතු වල නිරතවීමේ දී පසුගාමීත්වයක් පෙන්නුම් කරන බවත් පෙනේ. එනිසා වෙන් ක්ලාන්තය හා නිදිමත වැනි තත්වයන් ද කුඩා කල සිටම දරුවාගෙන් අස්වාභාවිකව නිරූපණය වේ.

    මේ සඳහා පිළියමක් ලෙස දැනට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1 සිට 5 වසර දක්වා ළමුන් සඳහා දියර කිරි හා ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකවන අතර එම වැඩසටහන මගින් දැනට දරුවන් සඳහා ලබාදිය හැකි (170 ml ප්‍රමාණයේ ) දියර කිරිපැකට් ගණන මිලියන 1.1 කිග. එම වැඩ සටහන මගින් සමස්ථ පාසල් දරු පරපුර ආවරණය නොවන බව පෙන්වා දිය හැකි අතර, දියර කිරි පරිභෝජනය සඳහා පාසල් දරුවන් පුහුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාථමික පාසල් දරුවන්ට මිලි ලීටර් 170 ක රස කළ, විටමින් සහිත කිරි පැකට්ටුවක් රජයේ වියඳමින් ලබා දීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය වේ.

    මෙරට,
    1. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණීය දක්වා වන දරුවන් ප්‍රමාණය (2016) – 1,717,092 (මිලියන 1-7) ක් වන අතර,
    2. ඒ අනුව ඔහුනට දිනකට අවශ්‍ය වන දියර කිරි සැපයුම – 170 ml (පැකට්ටුව) x 1717092 – 291,905,640 ml නැතහොත් දියර කිරි ලීටර 291,905 (දල වශයෙන් ලීටර ලක්ෂ 03 කි) පමණවේ.

    මෙසේ කුඩා දරුවන්ට දියර කිරි ලබා දීම මගින් :
    1. දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම හා දැනට දරුවන්ගේ දැකිය හැකි දෙවන හා තුන්වන මට්ටමේ මන්දපෝෂණය තුරන් කිරීම,
    2. මෙරට කුඩා දරුවන්ගේ සෞඛ්‍ය හා ශාරීරික අවශ්‍යතා පරිපූර්ණ කිරීම,
    3. දියර කිරි නිෂ්පාදනය සඳහා වන වෙළඳපොළ ඉල්ලුම රජයේ ආයෝජනයක් මගින් කෘතිමව ඉහළ දමමින් දියර කිරි සඳහා වන වෙළඳපොළ සැපයීම හා නිෂ්පාදකයන් මගින් දේශීය කිරි නිෂ්පාදන ඉල්ලුම වැඩි කිරීම,
    4. නව ආදායම් ඉපයීමේ අවස්ථාවන් ඉහළ දමමින් ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම හා ස්ථාවර ආදායම් ඉපයීමේ මූලාශ්‍රයන් බිහි කිරීම තුලින් රැකියා උත්පාදනය ඉහළ නැංවීම,
    5. කිරි ගොවියා ආර්ථිකව ශක්තිමත් කිරීම හා දියර කිරි සංස්කෘතියක් බිහි කිරීම තුළින් කිරිපිටි ආනයන වියදම පහත දමා ගැනීම,
    6. දියර කිරි නිෂ්පාදනය තුළින් මෙරට සාම්ප්‍රධායික නොවන ආර්ථික වාසි :ෂබදෙරප්ක ෑජදබදපසජ* ඇති කිරීමේ විභවතාවය ඉහළ නැංවීම,
    7. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය සමග එකට එක්ව මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීම හා දේශීය කිරි වෙනත් රටවල් සඳහා අපනයනය කිරීම වැනි ප්‍රතිලාභයන් අත්කරගත හැකිය.

    ඉහත ඉලක්කයන් කරා පහසුවෙන් ලගා වීමට නම් :
    1. කිරි පිටි වෙනුවට දියර කිරි පානය හුරු කිරීම,
    2. දේශීය ගව සම්පත වර්ධනය කිරීම,
    3. ගව ආහාර සැපයුම වර්ධනය කිරීම,
    4. පාසල් පද්ධතියට කිරි සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුනා ගැනීම,
    5. කිරි ගොවීන්ට ලබා දෙන මිල ස්ථාවර කිරීම,
    6. කිරි ගොවි සංවිධානල සමිති හා නිෂ්පාදක සංගම් සමග විවෘර්ත සංවාද හා සාකච්ඡා පැවැත්වීම හා විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණ දියත් කිරීම,
    7. පාසල් පද්ධතියට කිරි සැපයීම සඳහා රජය මගින් ප්‍රතිපාදන ලබා දීම,
    8. දියර කිරි පරිභෝජනය ප්‍රවර්ධනය සඳහා දෙමව්පියන් හා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,
    9. දියර කිරි පාසල් සඳහා බෙදා හැරීම හා ගබඩා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම,
    10. නිෂ්පාදන විවිධාංගීකරණය නැතහොත් දරුවන්ට ලබා දෙන දියර කිරි වල විටමින් ප්‍රමාණය ගැන සැලකිලිමත්වීම, විවිධ රසයන් හඳුන්වා දීම හා දරුවන්ට ලබාදෙන දියර කිරි වල වර්ණය පිළිබද සැලකිලිමත්වීම.

    මෙමගින් අනාගත රටට වැඩදායි ශක්තිමත්ල දක්ෂ හා සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහි කළ හැකි අතර, එය දේශීය ආර්ථීකයටත් ශක්තියක් හා රුකුලක් වනවා පමණක් නොවල වර්ෂ 2025 වන විට මෙරට දියර කිරි කර්මාන්තයේ වර්ධනයටත්, වර්ෂ 2030 වන විට ශ්‍රී ලංකාව දියර කිරියෙන් ස්වයංපෝෂිත කිරීමටත් හැකිවනවා නොඅනුමානය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here