පොලු තිබ්බ මිලියන 140 මහින්දගෙන් අය කරදෙන්න – ලංගමය අධිකරණයෙන් ඉල්ලයි.

    0
    216

    පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා සිය බස් රථ යොදා ගැනීමෙන් සිදු වූ රුපියල් මිලියන 140ක අලාභය ඒ මහතාගෙන් අය කර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළ උත්තර පෙබරවාරි මස 06 වනදා ඉදිරිපත් කරන මෙන් කොළඹ වාණිජ මහාධිකරණය පාර්ශවකරුවන් ට නියම කළා.

    මෙම නඩුව. අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ උත්තර පෙබරවාරි මස 6 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    පැමිණිලිකාර ලංකා ගමනාගමන මන්ඩලය අධිකරණය හමුවේ කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා ලංගම බස් රථ යොදා ගත් බවයි.

    ඒ සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 140ක පමණ මුදලක් මේ දක්වා ගෙවා නොමැති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටින්නේ.

    එම නිසා අදාළ බස් රථ භාවිතය වෙනුවෙන් තමන්ට අය විය යුතු රුපියල් මිලියන 140ක අලාභය හිටපු ජනාධිපතිවරයාගෙන් අයකරගැනීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කර තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here