ගේම් ඕවර් කිව්වා. දැන් අගමැතියි, ආණ්ඩුවයි දෙකම ඕවර් චතුර ජයම්පතිට බැනවදී

    0
    363

    අගමැති ලියලා දුන්න ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව හරියට සිංහලට පරිවර්ථනය කරගන්න බැරි වුන ජයම්පති වික්‍ර‍මරත්නට චතුර සේනාරත්න අරලියගහ මන්දිරයේ උළු ගැලවෙන්නට බැන වදී.

    “විශ්වාස භංගේ ගෙනපු දවසේ ඔහේ කිව්වා දැන් ගේම් ඕවර් කියලා. මගේ 19 වන ව්‍යවස්ථාව තියෙනකල් මහින්දට ඉල්ලන්න බෑ. බැසිල් – ගෝඨා ට පුරවැසිකම දාලා කෙළෙව්වා. නාමල් රාජපක්ෂට වයස 35 දාලා කෙලෙව්වා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ. ගේම් ඕවර් නෙවෙයි. දැන් ‘‘අගමැති ඕවර් – ආණ්ඩුවත් ඕවර්‘‘

    මහලොකු ව්‍යවස්ථා විශාරදයා. ඇයි උසාවි යන්නේ නැත්තේ?

    රනිල් හදලා දුන්න ලේඛනය හරියට සිංහල දැම්මා නම් මේක වෙන්නේ නෑ. ඔහේ අපි සේරම කෑවා. දැන් ඔහේ හැදුවයි කියන ව්‍යවස්ථාව උසාවියට ගිහින් විනිසුරුවන්ට තේරුම් කරලා දෙනවා. අර නාගානන්ද නඩු දානකල් තවම අපිට නඩුවක්වත් දාගන්න බැරි වුණා.”

    යැයි බැන වැදී ඇති චතුර අද සවස 3 ට කැදවා තිබූ පුවත් පත් සාකච්ඡාව ද අවලංගු කළ යුතුයැයි කෑ ගසා ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here