රට ගොඩගැනීමට සියළු සංවිධායකවරු ජනපති සහ අගමැති සමඟයි – (වීඩියෝ)

    0
    57

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ඊයේ (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුනා.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කර තිබුනා.

    නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ සංවිධායකවරු සිය කැමැත්ත පළ කර තිබුනා.

    එමෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලූ සහයෝගය සක්‍රීරයව ලබාදීමට කැප වන බවට ද ඔවුහු සහතික වී තිබෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මෙම හමුවට එක්ව තිබුනා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිදහස් පක්ෂ නායකයින්…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here