‘හිටපු අගමැති රනිල්ට ජවිපෙ සහය නෑ‘ – විජිත හේරත් නිවේදනය නිකුත් කරයි

    0
    167

    ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පළ වු ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළ බව අද උදෑසන වාර්තා විය.

    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    කෙසේ වෙතත් මෙම වාර්තාව තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

    විජිත හේරත් මහතාගේ අත්සනින් යුත් නිවේදනය පහත දැක්වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here