රටේ තුන්වැනියා කතානායක. නටල බෑ.. ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි – හිටපු කතානායගේ විශේෂ කතාව

    0
    385

    පාර්ලිමේන්තු වාර අවසන් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී නොවන, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නොවන සහ නීති විරෝධි නොවන ක‍්‍රමවේදයකට සිදුව ඇති බව හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තුවේ මතුවී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුව කල් තැබීම ජනාධිපතිවරයා සතු බලතලයක් බවයි.

    පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, යළි කැඳවීම ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල කාර්යභාරයක් වන අතර එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි බව ද හිටපු කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    පාර්ලිමේන්තු වාර අවසන් කළ මොහොතේ සිට පාර්ලිමේන්තුව නිහඬ කාල සීමාවක් විය යුතුයි. ඒ කාලය තුළ කිසිදු රැස්වීමක් කැඳවිය නොහැකි අතර, පාර්ලිමේන්තු වාර අවසන් වූ විට කථානායකවරයාට පක්ෂ නායකයින් කැඳවිය නොහැකි බව ද හිටපු කථානායකවරයා සඳහන් කළේය.

    ගරු ජනාධිපතිතුමා නව අගමැතිවරයෙකු පත්කිරීම නීතියට සහ ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව මෙහිදී පෙන්වා දුන් හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා වර්තමානයේ සිටින්නේ එක් අග‍්‍රාමාත්‍යවරයෙක් පමණක් වන අතර මහින්ද රාජපක්ෂ මහතා එම නීත්‍යානුකූල අගමැතිවරයා බව ද පෙන්වා දුන්නේ ය.

    එබැවින් නීත්‍යානුකූලව හිටපු අග‍්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරයේ රැදී සිටිය නොහැකි බව ද හිටපු කථානායකවරයා සඳහන් කළේය.

    නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම පිළිබඳව ජාත්‍යන්තරයට අපට බලපෑම් කළ නොහැකි අතර, අපට අනන්‍ය ව්‍යවස්ථාවක් පවතින බවත්, පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිදු හානියක් සිදු කර නොමැති බවත් විජමු ලොකුබණ්ඩාර මහතා අවධාරණය කළේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here