ජනපතිගේ තීරණය අභියෝග කල නොහැකියි අතිරේක සොලිසිටර් ජනරාල් පවසයි

    0
    44

    ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඒ, ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නීතිඥ නාගහනන්ද කොඩිතුනක්කු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදියි.

    අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූණු අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මෙහිදී නීතිඥ ජේ. සී. වැලිඅමුණ පෙනී සිටියා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here