පාර්ලිමේන්තුව අවට මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්.

    0
    34

    රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව අද (05) සිදුකරන විශේෂ ජන රැළිය හේතුවෙන් පස්වරු 12.00 සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක වන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූ අදහස්,

    පැවැත්වෙන රැළිය හේතුවෙන් බත්තරමුල්ල දියත උයන, පොල්දුව හන්දිය ප‍්‍රදේශයේ වාහන ගමනාගමනය හෙට (05) දහවල් 12.00 සිට සීමා කීරීමට පොලිසීය තීරණය කර තිබෙනවා. එම නිසා කඩුවෙල, අතුරුගිරිය, මාළඹේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හන්දියෙන් හෝ බත්තරමුල්ල හන්දියෙන් වමට ගමන් කර පාලම් තුන හන්දිය, කියන්හෑම් වටරවුම, ජපන් මිත‍්‍රත්ව පාර, කිඹුලාවල හන්දිය, පිටකෝට්ටේ හන්දිය, පාගොඩ පාර, නාවල පාර ඔස්සේ නාවල හන්දිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි.

    කොළඹ සිට මාළඹේ, කඩුවෙල්, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට හෝ වැලිකඩ හන්දියෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර්, අඹගහ හන්දිය, කලපළුවාව පාර, හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හන්දියට ගමන් කර මාළඹේ කඩුවෙල් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකිය.එමෙන්ම කලපළුවාව පාර හරහා ලෝලෙවල් පාරට ගමන් කර කඩුවෙල දෙසටද වාහන ගමන් කළ හැකියි.

    තවද පන්නිපිටිය, හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතු’ වන වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය, පිටකෝට්ටේ හන්දිය, පාගොඩ පාර, නාවල පාර ඔස්සේ නාවල හන්දිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය.

    බොරුල්ල සිට තලවතුගොඩ, හෝකන්දර, පන්නිපිටිය දෙසට ගමන් කරන වාහන වලටද ඉහත සඳහන් කළ මාර්ගය ප‍්‍රතිවිරුද්ධ දිසාවට භාවිතා කළ හැකියි. මේ හේතුවෙන් දවල් 12 න් පසු මේ ආකාරයෙන් රථ වාහන ගමනාගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රථවාහන ගමන් ගන්නා පිරිස් වලින් අපි ඉල්ලා සිටිනවා. උද්ඝෝෂණ පැවැත්වෙන එම අවස්ථාවේ රථ වාහන සැලැස්මක් පැවතියත් පාසල් දරුවන් රැගෙන යන වෑන් රථ, බස් රථ, යතුරු පැදි වලට කිසිම ආකාරයේ අපහසුතාවයකට ලක්නොවීමට වගබලා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කරනු ලබනවා.

    රැළියට සහභාගී වන පිරිස් තමන් පැමිණෙන රථ වාහන අදාළ ස්ථාන වල පමණක් ගාල් කරන ලෙසත් ,රථ වාහන සංඥා වලට ගරු කරන්නැයිද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here