ජනපති සියළු පක්ෂ නායකයින් කැඳවයි – පාර්ලිමේන්තුවේ ගැටුම් නවතින ලකුණු

    0
    64

    මාධ්‍ය නිවේදනය

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (18) ප.ව 5.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

    පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබේ.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක ගරු කරූ ජයසූරිය මහතාට ද මෙම හමුව සඳහා ආරාධනා කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here