පාක්ෂිකයින් ගෙන්න එපා ගැටුමක් ඇතිවෙයි – ඊයේ ජනපති දුන් උපදෙස් මෙන්න

    0
    41

    ජනාධිපතිතුමා කල කතාවේ වීඩියෝව පහතින් නරඹන්න….

    පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත‍්‍රශීලි ලෙස ඊයේ (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළයුතු ආකාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලූ දෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

    අතිගරු ජනාධිපතිතුමා මෙම හමුවේ දී සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

    එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක‍්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප‍්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

    සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලූ පාර්ශ්ව සාකච්ඡුාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප‍්‍රකාශ කරනු ලැබීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here