‘මාගේ පියාගේ ඝාතකයින් සෙවීම අනවශ්‍යයි’ ලසන්තගේ දියණිය ජනපතිට කියන්නේ එයද

    0
    45

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට දී තිබූ ස්ථාන මාරුව ගැන ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.

    ඔහුට ලබා දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය එම ලිපිය යවා තිබිණි.

    කෙසේ වෙතත් එම ලිපිය යොමු කිරීම ගැන ප්‍රශ්නකාරී තත්වයක් ඇති වන්නේ ඇය හදිසියේම එම ලිපිය යොමු කර තිබුණේ දේශපාලන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවේදීය. ඊටත් වඩා ප්‍රබලතම කාරණය වන්නේ සිය පියා වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ නිශාන්ත සිල්වා නම් පොලිස් නිලධාරියා මේවන තෙක් එම සිද්ධිය ගැන කරුණු වාර්තා කරමින් නඩු පැවරීමට හෝ කටයුතු නොකිරීම ඇයට ගැටලුවක් නොවීමය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු විශේෂයෙන් ආන්දෝලනයට ලක්වූ මූලිකම විමර්ශන සිද්ධි විශාල ප්‍රමාණයක් සිදු කෙරුණේ නිශාන්ත සිල්වා යටතේය. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම,උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්ගේ සිද්ධිය, කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය යන ප්‍රධාන පෙලේ ඝාතන සිද්ධි ඇතුළු බරපතල ගණයේ විමර්ශන නිසි අයුරින් සිදු කර නොතිබූ බවත් ඒ හේතුවෙන් එම සිද්ධි මන්දගාමීව සිදුකරමින් එය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වූවාද යන්න බරපතල සැකයක් මතුවන බවත් එම ආරංචි මාර්ග සදහන් කළේය.

    නමුත් ඔහුගේ කාලයේ විමර්ශන සිදු කර නඩු පැවරූ එකම සිද්ධිය වන රවිරාජ් ඝාතන සිද්ධියද නිවැරදි ලෙස නඩු ගොනු නොකිරීම මත හරිආකාරව සිදුව නැතැයිද වාර්තා වේ.

    සිය පියාගේ ඝාතනයට අදාල සැකකරුවන් අධිකරණය හමුවට ගෙන එමින් දඩුවම් ලබා දීමට ඇයට අවශ්‍යනම් එම විමර්ශන මන්දගාමීව ගෙන යමින් නඩු නොපැවරීමක් හෝ සිදු නොකල එම පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටීම ඉතා ගැටලුකාරී තත්වයක් බව දේශාපාලන විචාරකියින් පෙන්වා දෙයි.

    ඇය කළ යුතුව තිබුණේ එම විමර්ශන හරියාකාරව සිදු නොවූ එම නිශාන්ත සිල්වා පොලිස් නිලධාරියා ඉවත් කර දක්ෂ සාර්ථික නිලධාරියෙකු එම විමර්ශන කටයුතු සඳහා යොමු කිරීමට ඉල්ලා සිටීමය.

    කෙසේ වෙතත් ඇය සිය පියාගේ සිද්ධිය ගැන නොව මේවන විට දේශපාලනයේ බලල් අතක් වෙමින් විපක්ෂයේ කාගේ හෝ අනුදැනුමකට නැටවෙන බව පෙනී යන බව එම විචාරකයින් සඳහන් කළහ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here