අද දයාසිරි හෙළිකළ රනිල්ගේ ලිපිය තාම මෛත්‍රී ලග රනිල්ට යන එන මන් නැතිවෙන ලකුණු

    0
    973

    ගරු ජනාධිපති තුමා එදා පොදු අපේක්ෂකයාව සිටි කාලයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට ලිපියක් යොමු කර තිබේ. එයින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා තිබෙන්නේ ජනපතිවරණයේ පසුව ඔහුව එනම් රනිල් අගමැති ලෙස පත්කරන ලෙසටත් සියලු බලතල තමන්ට පවරාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට ය.

    මෙම ලිපිය තවමත් ජනාධිපති තුමා ලග තිබෙන බවට අද දින හෙළි වුවා. රනිල් වික්‍රමසිංහ හට අගමැති කම ලබා දුන්නත් ජනාධිපතිතුමා පෙර කී ගැසට් පත්‍රය මඟින් සියළු බලතල රනිල්ට ලබා දීමට කටයුතු නොකර සිටියේ ජාතියේ පෙර පිනකට බව අද සනාථ වෙනවා.

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද දින දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

    දයාසිරි ජයසේකර අද මාධ්‍ය හමුවේ කියූ කතාව –
    “මෙයින් හැදුවේ ජනපතිතුමා නිකන්ම ජනපති පුටුවේ වාඩි කරලා තබන්නයි. ජනපති බලතල විතරක් නෙමෙයි හැම බලයක්ම එකම තැනකට හේත්තුවෙලා තිබුණේ. අමාත්‍යවරුන් ගතයුතු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කමිටුව හරහායි. ” යැයි ඔහු සඳහන් කළේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here