මෛත්‍රී පොලිසිය අතට ගනියි සතියෙන් ලොකුම හෙරොයින් තොගය අල්ලයි

    0
    30

    බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික බව ය.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

    ජනාධිපතිවරයා විසින් නිතිය හා සාමය ආමත්‍යධුරය පවරාගෙන සතියකට පසු මෙවැනි මහා පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට පොලිසිය සමත්වීම විශේෂය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here