ඇත්තටම පිස්සු නීතීඥ සිසිර සිරිවර්ධනට නීතීඥ සංගම් ආරංචිමාර්ග පවසයි

    0
    39

    නීතීඥ සිසිර කුමාර සිරිවර්ධන නැමැත්තාට නීතීඥ වෘත්තියට නොගැලපෙන ලෙස දිගින් දිගටම ක්‍රියාකිරීම හේතුවෙන් ඔහුගේ නීතීඥ ලෝගුව ගලවා ඔහුව නීතීඥ ධූරයෙන් ඉවත් කිරිමට සූදානමක් පවතින බව නීතීඥ සංගම් ආරංචි මාර්ග පවසයි.

    ඔහුගේ හැසිරීම කිසිසේත් නීතීඥ වෘත්තියට නොගැලපෙන බවත් ඔහුට එරෙහිව මේවන විටත් මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබෙන බවත් ඒ හේතුවෙන් වහාම සිසිර කුමාර සිරිවර්ධන නීතීඥවරයා ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් එම නීතීඥ සංගමය අවධාරණය කර තිබේ.

    අංක 646 ඊරියවැටිය පාර කිරිබත්ගොඩ පදිංචි සිසිර කුමාර සිරිවර්ධන නීතීඥවරයාට එරෙහිව පෑලියගොඩ පොලීසියේ පැමිණිලි අංක 576/ 12 යටතේ ද චෝදනා එල්ල වී ඇත.

    ඊට අමතරව ව්‍යාජ ලේඛන සකස්කරමින් රුපියල් ලක්ෂ 14ක මුදල් වංචාවක් පිළිබඳ නඩු අංක 1376/3/B යටතේ මහර දිසා අධිකරණයේ සිසිර කුමාර සිරිවර්ධන නීතීඥවරයාට එරෙහිව නඩුවක් විභාග වෙන බවද වාර්තා වේ.

    එම සැකකාර නීතීඥවරයා මෙම මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ සිය කොටුව ප්‍ර දේශයේ පිහිටි සිය නීතීඥ කාර්යාලයේදීය. එහිදී එම ව්‍යාජ ලේඛණ සකස්කරමින් දීර්ඝ කාලයක් මෙම මූල්‍ය වංචාව සිදු කර තිබේ.

    මීට අමතරව ඔහු නීතීඥ වෘත්තීයට කිසිසේත් නොගැලපෙන ලෙස ෆේස්බුක් සමාජ ජාල ගිණුම ඔස්සේ කටයුතු කරන අතර එම ෆේස්බුක් ගිණුම තුළ පළ කරන අදහස් හා ඡායාරූප කිසිසේත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ හැසිරීමට නොගැලපෙන බවත් ඒ තුළින් ඔහු මානසික විකෘතියකින් පෙලෙන බව වටහා ගත හැකි බවත් ඒ පිළිබඳවද පැමිණිලි ලැබී ඇතැයි ආරංචි මාර්ග පැවසී ය.

    මේ හේතුවෙන් ලඟදීම නීතීඥ සංගමය මගින් විනය පරීක්ෂණයක් සිදු කර සිසිර කුමාර සිරිවර්ධන නැමැති මෙම නීතීඥවරයාගේ ලෝගුව ඉවත් කර නීතීඥ වෘත්තියෙන් පහ කිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

    ජනාධිපතිවරයාට මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේද මෙම සැකකාර නීතීඥවරයා වන අතර කිසිදු සත්‍යතාවක් නොමැතිව එම පෙත්සමේ කරුණු ඉදිරිපත් කිරීම තුළින්ම ඔහුගේ මානසික තත්වය වැටහෙන බව නීතී විශාරදයින් පෙන්වා දෙති.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here