රට විකුණන එජාපයට එකතු වී ඇමතිකම් ගන්න මා ගාවට එන්නත් එපා

    0
    62

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති නිදහස් පක්ෂ මන්ත්‍රී හමුවේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවන කිසිම මන්ත්‍රීවරයෙකුට තමාගෙන් ඇමතිකම් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණයෙන් පවසා ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරියට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය,ත්‍රිකුණාමල තෙල් ටැංකි විකිණීමේ සුදානමකින් පසුවන බවත් ඊට සහයෝගය දීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමෙන් වලකින ලෙසයි

    මේ අතර මෙම හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ඇමතු නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනා ජනපතිගේ ප්‍රකාශයට ඒකමතිකව එකඟ වූ බවයි.

    රට විකුණන එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතු වී පවුවලට කර නොගසන ලෙස මෙහෙදී ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here