ඔබට ඕනෑ විදියට නිලධාරීන් පත්කරන්න බෑ – ඇමති මංගලට ජනපති කල තරවටුව

    0
    5047

    ඊයේ දිනයේදි එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරු 29 දෙනෙකු පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    කෙසේ නමුත් තවමත් කිසිදු ආයතනයක් ගැසට් කර නොමැති නිසා අමාත්‍යවරුන්ට තම අමාත්‍යංශන්හි වැඩ කටයුතු කරගෙන යාමට ද කිසිදු බලයක් නොමැත.

    මේ අතර උදෑසන ජනාධිපතිවරයා විසින් මංගල සමරවීර අමාත්‍යවරයාව දුරකථනයෙන් අමතා ඇති අතර එහිද ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මම තවමත් ආයතන කිසිවක් ගැසට් කර නොමැති බවත් ඔබට ඕනෑ ආකාරයට නිළධාරීන් පත් කළ නොහැකි බවත් ය.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ නාලක කළුවැව මහතාට යලිත් සේවයට වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here