මාකඳුරේ මදූෂ් හා ගායක අමල් ඩුබායි හිදී අත්අඩංගුවට – වහාම ලංකාවට ගෙන එන්න ජනපතිගෙන් නියෝග

    0
    59


    පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි නෙත් නිවුස් වෙත පැවසුවේ.

    ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

    මේ අතර මෙම සිදුවීම අනාවරණය වීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය සමග දුරකතනයෙන් අමතා ඇති බවත් එහිදී හැකිතාක් ඉක්මනින් ඔවුන්ව ලංකාවට බාරදෙන ලෙසටත් ඉල්ලීමක් කර ඇතිබවත් වාර්තාවනවා.

    ඒ අනුව මාකඳුරේ මදුෂ් හා ගායක අමල් පෙරේරාව හැකිතාක් ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවට අරාබි රජය ද පොරොන්දුවී තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here